සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් අලුත් අවුරුද්දේ රාජකාරිය ඇරඹීම අද (21) දින සිදුවිය.
එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි නියෝජ්‍ය උපකුලපති, බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, අප මධ්‍යස්ථානයේ උපදේශක, ආචාර්ය දම්පේ විජිතරතන හිමි, උපකුලපති සම්බන්ධීකාරක, බෞද්ධ අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය අප මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, සූරියවැව සුමේධ හිමි, කථිකාචාර්ය පැලවත්තේ රතනසිරි හිමියන් ප්‍රමුඛ ගරු බුද්ධශ්‍රාවිකා මෙහෙණිවරු, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න මහතා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.බී මණ්ඩාවල, බෞද්ධ අධ්‍යයන අංශයේ අධ්‍යයන උපදේශක, අප මධ්‍යස්ථානයේ උපදේශක, මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන මහතා, අභ්‍යන්තර තත්ත්ව පාලන ඒකකයේ අධ්‍යක්ෂ සේනක සෙනෙවිරත්න මහතා, පෙරදිග ශාස්ත්‍ර හා සුවතා මධ්‍යස්ථානයේ අධ්‍යයන සම්බන්ධීකාරක සුසන්ත මහතා සහ බෞද්ධ අධ්‍යයන පීඨයේ අධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ආයතනික ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.






















